කිතුණුවන් බැතියෙන් සිහිකරන මහ බ්‍රහස්පතින්දා අද

කිතුණුවන් බැතියෙන් සිහිකරන මහ බ්‍රහස්පතින්දා අද

අප්‍රේ 18, 2019

මහ බ්‍රහස්පතින්දා දිනය අදට යෙදී තිබේ. ලෝකවාසී කිතුණු බැතිමතුන් ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය සිහිපත් කිරීම අද සිදු කරයි.

ජේසුස් වහන්සේ තම උතුරුසලුව ගලවා දමා සේවකයෙකු සේ, තම ගෝලයන් වෙත ගොස්, ඔවුන්ගේ පාද දේවනය කර සිප ගැනීම අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේ දී සිදුවූ වැදගත් සිදුවීමයි. ඉන් ලබා දෙන පණිවුඩය වන්නේ, නායකත්වය තුළ තිබිය යුතු බැගෑපත්කම පෙන්වීම හා සහෝදර ප්‍රේමය මතු කර දැක්වීමයි. රාත්‍රී භෝජනයෙන් පසු ගෙත්සෙමනි නම් උයනට ගොස් පැමිණෙන විට ඔහුගේම ගෝලයෙකු වන ජුදාස් විසින් උන්වහන්සේව සිපගනිමින් ජුදා හේවායන්ට පාවාදෙනු ලැබීය.

එම සිදුවීම මහ බ්‍රහස්පතින්දා සවස පවත්වනු ලබන දිව්‍ය පූජාවේ දී ලෝකවාසී කිතුණු ජනතාව සිහිපත් කරනු ලබයි. අතිඋතුම් ෆ්‍රැන්සින් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහ බ්‍රහස්පතින්දා විශේෂ දේවමෙහෙය රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ පැවැත්වෙයි. මහ බ්‍රහස්පතින්දා ආරම්භ වන පාස්කු පිළිවෙත අවසන් වන්නේ, ආලේලූයා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවෙන්.

Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 16:54
අද තිබු නැකැතට නැදුම්ගමුවේ රාජාත් තෙල් ගානී ඕස්ට්‍රේලියා-නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනකු යුග දිවියට

Latest News