පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රජය සමගත්, ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළු රග්බි ක්ෂේත්‍රයේ පිරිස් සමගත් ජාත්‍යන්තර රග්බි සම්මේලනය සිදුකළ සාකච්ඡාවල ප්‍රගතිය සලකා බැලීමෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ අවසරය හිමිව තිබෙනවා.

අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය හෙට (28) ආරම්භ වනවා. ඒ, එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

අද (24) කොළඹ SSC පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩයම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (24) ආරම්භ වනවා.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු වන ලහිරු තිරිමාන්න සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කර තිබෙනවා.

නැගී එන කණ්ඩායම් අතර, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමත් වුණා.

තායිලන්තයේ බැංකොක් නුවර පැවති 25 වැනි ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දිනා දුන් ජයග්‍රාහී මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා උළෙලේ පිරිමි F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්වුණා.

ජාතික වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර 400×4 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.

ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400x4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 පිරිමි සහය ධාවනය ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

2023 ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ජ්‍යෙෂ්ඨ කාන්තා කිලෝග්‍රෑම් 76 කාණ්ඩයේ රිදී පදක්කමක් දිනා ගැනීමට අශිනි සුරංගි වික්‍රමසිංහ සමත් වුණා.

පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීමට චින්තන විදානගේ අද සමත්වුණා.

ආසියානු ශූරතා මළළ ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට නදීෂා රාමනායක මීට ටික වේලාවකට පෙර සමත්වුණා.

ඉන්දියාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් පදක්කම් 02ක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩාකාවන් සමත්ව තිබෙනවා.

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය කොළඹ දී අද ආරම්භ වනවා.ආසියානු ක්‍රිකට් කවුන්සිලය මගින් තරගාවලිය සංවිධාන කරනවා.

සිම්බාබ්වේහි පැවති ලෝක කුසළාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මාසයේ ICC හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට සමත්ව තිබේ.

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි තරගය කඩුලු 3 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. 

Latest News