පා.ම. අර්චුනාට නිකුත් කර වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

නොවැ 28, 2024
රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සැකකාර මන්ත්‍රීවරයා සිය නීතීඥවරයා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාල නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරයා කියා සිටියේ අදාළ නඩුව කැඳවනු ලැබූ ඉකුත් 26 වනදා තම සේවා දායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එහි පැවැති රැස්වීමකට සහභාගි වූ බව සඳහන් කළා.
ඒ බව තහවුරු කරන ලිපියක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විදේශගත වීම නිසා මෙම නඩුව කැඳවන දිනය සම්බන්ධයෙන් තම සේවා දායකයා තුළ ගැටලුවක් තිබූ බවත් නීතිඥවරයා සදහන් කළා
ඒ අනුව සිය සේවදායකයා වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ අතර නඩුව නැවත මාර්තු මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024