ට්‍රම්ප්ගෙ කැබිනට් මණ්ඩලයට බෝම්බ තර්ජන

නොවැ 28, 2024
අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට සහ ධවල මන්දිර සාමාජිකයින් පිරිසකට බෝම්බ තර්ජන එල්ලවී තිබෙනවා.

එම තර්ජන එල්ලවී ඇත්‍තේ පසුගිය දින දෙක තුලදී බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තර්ජන එල්ලවූවන් සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ධවල මන්දිර ප්‍රකාශක කැරොලයින් ලෙවිට් ප්‍රකාශ කරන්නේ.
 
පළමු තර්ජන එල්ලවී තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස නම්කර ඇති එලීස් ස්ටෙෆනික් වෙතයි.
 
ඇයගේ කාර්යාලය සඳහන් කරන්නේ ඇය සැමියා සහ තුන් හැවිරිදි දරුවා සමග වොෂින්ටන් සිට නිව්යෝර්ක් දක්වා රිය පදවමින් සිටි අවස්ථාවේ මෙම තර්ජන එල්ලවී ඇති බවයි.
 
ට්‍රම්ප්ගේ වාණිජ ලේකම්වරයා වන හුවාඩ් ලුෆික්ට නිව්යෝර්ක් පිහිටි නිවසටද තර්ජනයක් එල්ල වී තිබෙනවා.
 
පරිසර ආරක්ෂක පරිපාලන තනතුර සඳහා නම්කර ඇති ලී සෙල්ඩින් හටද තර්ජන එල්ලවී ඇති බව වාර්තා වනවා.
 
තර්ජන හමුවේ තමන් කිසිසේත් පසුබට නොවන බව ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. ජනාධිපති ජෝ බයිඩන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි ධවල මන්දිරය ප්‍රකාශ කරන්නේ. බයිඩන් ඇතුළු පරිපාලනය මෙම ක්‍රියාව හෙළා දැක ඇති බව සඳහන්.
Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2024 11:00

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024