සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අතුරුගිරියේ ජෙරම් යන අය ඊයේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුමේනියාවේ විදේශ රැකියා ලබා දෙන බව පවසා, මුදල් වංචා කිරීමට සැලසුම් කළ ඉතාලි ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙක් බදුල්ලේදී ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඒ, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ සිදු කළ වැටලීමකදී.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

නීති වි‍රෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ 55 දෙනෙකු, ඊයේ නාවික හමුදාව භාරයට ගැනුණා. ඒ, ඔවුන් ත්‍රිකුණාමලය - එරක්කන්ඩි හා  සහ මන්නාරම - තාල්පාඩු යන වෙරළ ප්‍රදේශවල  කළ සෝදිසි මෙහෙයුමකදී. 

වැල්ලවාය ප්‍රදේශයේ දී අනවසරයෙන් ඉන්ධන අලෙවි කළ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වැල්ලවාය පොලීසිය විසින්.

ඉකුත් මැයි 9 වැනිදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට ඊයේ දිනයේත් 128 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

පොලිස් හා හමුදා නිලධාරීන්ට පහරදිය යුතු බවට හා ඔවුන් ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදාහරින ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් නාගොඩ, තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි අයෙක්.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් ඇතුලු සැකකරුවන් 1084 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අසංක මදුරංග නොහොත් පරිප්පුවා නමැත්තාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස ඊයේ (16) පොලීසිය සමත් වෙයි.

Latest News