රටම කම්පා කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර හයයි

රටම කම්පා කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර හයයි

අප්‍රේ 21, 2025

පාස්කු  ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වී අදට වසර 6 ක්.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා දේවස්ථාන 3 ක්  සුඛෝප‍‍භෝගී හොටල් 3 ක් අතුළු ස්ථාන 8 ක සිදු වූ බෝමබ පිපිරීම් මාලාවෙන් ‍269 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

තවත් පිරිසක් තුවාල ලැබුවා.

කතෝලික ජනතාවගේ උතුම් දිනයක් ලෙස සැලකෙන පාස්කු ඉරුදින උදෑසන‍‍ දේවමෙහෙය පැවැත්වෙමින් තිබියදී, කොළඹ - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකලපුව සියෝන් දේවස්ථානය ලෙයින් තෙත්කරමින්, බෝම්බකරුවන් කිහිප දෙනෙකු සිය බෝම්බ පුපුරුවා ගෙන තිබුණා.

ඒ අතරතුර, කොළඹ නගරය ද භීතියට පත් කරමින්, ෂැංග්‍රිලා, කිංස්බරි සහ සිනමන්ග්‍රෑන්ඩ් යන සුඛෝපභෝගී හොටල් තුළටත් මරාගෙන මැරෙන‍ ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු කඩා වැඳුණේ, පාස්කු ඉරුදින උදේ ආහාරය ගනිමින් සිටි දෙස් විදෙස් පිරිස් ඉලක්ක කර ගෙනයි.

පාස්කු ඉරුදින අනපේක්ෂිත ප්‍රහාර මාලාවෙන් රටවල් 14 කට අයත් විදේශිකයින් 46 දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. තුවාල ලැබූ පිරිස 500 කට අධිකයි.

වත්මන් රජය බලයට පත්වීමත් සමග පාස්කු ප්‍රහාරයේ විමර්ශන කඩිනමින්, විනිවිද භාවයෙන් සහ වේගවත්ව සිදු කෙරෙමින් පවතිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ බාරදී තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර 6ක් ගතවන අවස්ථාවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී තිබෙනවා.

Related items

Latest News

Cfe9c50cbaaab1bf3cf4cc1ab6379d04 Generic

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙයි

අප්‍රේ 08, 2025

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

96920214ec0a4fd2674b6e808afb5fec Generic

රාමසාන් උත්සවයට ජනපතිගෙන් සුභාසිංසන

මාර් 31, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025