ඒ - 9 මාර්ගයේ ගමනා ගමනයට එල්ල වූ බාධා

ජන 24, 2020

වව්නියාව දකුණ කලාප කාර්යාලය ඉදිරිපස යාපනය - නුවර (ඒ - 9) මාර්ගයේ‍ විරෝධතාවක් පැවතිණ.

ඒ වව්නියාව මඩුකන්ද ජාතික පාසලට ගුරුවරුන් ඉල්ලා එහි ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් විසින්. 

අද (24) උදෑසන 9 ට පමණ ආරම්භ වු මෙම විරෝධතාවය හේතුවෙන් ඒ - 9 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය භාගයක පමණ කාලයක් අවහිර විය.

කෙසේ වෙතත් පොලීසිය හා කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් පැමිණ විරෝධතාවය නැවැත්වීමට උත්සහ කර ඇති බව ද පැවසේ.

CRIB වාර්තා මත පමණක් සලකා ණය දීම ප්‍රතික්ෂේප නොකරන්නැයි ඉල්ලීමක් ලංකාවේ ආයෝජනයට ජපානය කැමතිවෙයි

Latest News