ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කරගැනීමට අදාළ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමග අද ආරම්භ කළ නව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළින් මෙරට ණය තිරසරභාවය කඩිනමින් ළඟා කර ගැනීමට අපේක්‍ෂා කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල පිළිබද තීරණාත්මක දිනය අදයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කර කාලසීමාව පසු කිරීමට අන්තර්ජාතික මූල්ය අරමුදල පූර්ණ සහය ලබා දෙන බව එහි කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පවසනවා.
අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහය වීමට අන්තර්ජාතික මූල්ය අරමුදල සූදානම් බව, එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය පවසනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සංවාද මණ්ඩපයක අදහස් දක්වමින් ඇය ඊයේ මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාවට, අයි එම් එෆ් ආයතනයෙන් ලැබුණු සහයෝගයට සමගාමීව, ජපාන පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය සහය ද ලබා දෙන බව, එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ෂුන් සුකේ මුටායි මහතා පවසනවා.
“අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සහ ශ්‍රී ලංකාවේ අනාගතය” මැයෙන් විශේෂ සංවාදයක් කොළඹදී පැවැත්වෙනවා.
අයි එම් එෆ් ණය මුදලේ පළමු වාරිකය, ණය ස්ථායිකරණය සඳහා ප්‍රමුඛ වශයෙන් යොදා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් මෙරටට ලැබුණු මූල්‍ය පහසුකම ගෙවුම් ශේෂ පියවීම සඳහා පමණක් නොව, රජය සාමාන්‍ය වියදම් සඳහා ද භාවිතයට ඉඩ ඇති බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.