ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණු, සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන කාන්තා 20 -20 ක්රිකට් තරගාවලියේ සහභාගි වූ පළමු පුහුණු තරගයෙන් ජය හිමි කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 33කින් පරාජය කරමින්.
වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිහිටුවීමට නොහැකිවූ ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්වුණා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය, හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිතයි.

2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ තෝරාගෙන තිබෙනවා.

දශකයකට පසු එංගලන්තය පරාජය කරමින් ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුනා.

වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දුන් නෙත්මි අහිංසා ක්‍රීඩිකාව ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අදයි.

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි අහින්සා සමත්වුණා.

එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්රී ලංකා ටෙස්ට් තරග සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්රී ලංකා ක්රීඩක රංගන හේරත් නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයා සම්මානය සදහා ශ්රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා.
අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩිකාව සම්මානය සදහා ශ්රී ලංකා ක්රීඩිකා හර්ශිතා සමරවික්රම නිර්දේශ වී තිබෙනවා.
පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ සමත් වුණා.

ජේ අමිත්භායි ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා.

මීටර 3000 පිරිමි ධාවන ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෝර්වේ ජාතික ‍ජාකෝබ් ඉන්ගෙබ්‍රිස්ටන් සමත් වුණා.


ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්තානය ලකුණු 448/6 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා බංග්ලාදේශයට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන් අතර පාකිස්තානය නොසිතූ සාර්ථක ඉනිමක් ගොඩනැගූ බංග්ලාදේශය සියල්ලන් දැවී ලකුණු 565ක් ලබා ගත්තා.

ලෙබනන්හි පැවැත්වෙන IFBB Diamond කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂ පීරිස් පදක්කම් 02ක් ශ්‍රී ලංකාවට දිනාදීමට සමත්ව තිබෙනවා.

Latest News