පාර්ලිමේන්තු මහ මැතිවරණය අදයි

නොවැ 14, 2024
ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ 2024 මහ මැතිවරණ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 196 ක් සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු මෙවර මහා මැතිවරණයට තරග කරනු ලබනවා.

ඉතිරි ආසන 29 තෝරා පත් කර ගැනෙන්නේ ජාතික ලැයිස්තුව මගින්.
2024 මහ මැතිවරණය සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් ඇතුළුව සමස්ත ඡන්දදායකයන් මිලියන 17ක් සුදුසුකම් ලබා තිබෙනවා.
මැතිවරණ පවැත්වෙන අද දිනයේ ආරක්ෂාව සඳහා පොලිස් හා හමුදා සාමාජිකයින් 90,000කට අධික පිරිසක් අනුයුක්ත කොට තිබෙනවා.
2022 වසරේදී රට දරුණු ආර්ථික අර්බුදයකට පසු මුහුණදීමෙන් පසු ඇති වු ආණ්ඩු විරෝධී ව්රෝධතා රැල්ලෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහ මැතිවරණය මෙයයි.

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024