ගංවතුර තත්ත්වය පිළිබඳව නවතම නිවේදනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කළු ගඟ පුටුපාවුල සහ ඇල්ලගාව ප්‍රදේශයෙනුත් කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින බවයි.

එසේම මෙම ගංවතුර තත්ත්වයේ වර්ධනයක් තවදුරටත් සිදුවන බව එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පවතින අතර එයද වර්ධනය වෙමින් පවතින බව එහි දැක්වෙයි.

එසේම අත්තනගලු ඔය තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් පැවතිය ද එහි සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරු 3.30ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ කැලණි, කළු, ගිං, නිල්වලා, මහඔය. අත්තනගලු ඔය ආශ්‍රිත ගංවතුර තත්ත්වයේ නවතම නිවේදනය පහතින්.

6

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ජල සම්ප්‍රේෂණ නළයක් බිඳ වැටේ.

නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතිනවා.
කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තායි කැබිනට් මණ්ඩලය විසින් එරට සංචාරක ව්‍යාපාරයට නව උත්තේජනයක් ලබා දීම සඳහා බහුවිධ වීසා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

ලොව විශාලතම හානිකර මෘදුකාංග ජාලයක් වසා දැමීමට ලොවපුරා නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියාත්මක කර තිබෙනවා.

චීනය සිය නවීන යුධ ශක්තිය ප්‍රදර්ශනය කරමින් මැෂින් තුවක්කු වෙඩි තැබීමේ හැකියාව ඇති රොබෝ සුනඛයන් ප්‍රදර්ශනය කළා.

මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනය වීමක් දක්නට ලැබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්යගක්ෂ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා පවසනවා.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු අද දින වෙසක් පොහොය නිමිති කරගෙන ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර තිබුණා.
පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික වෙසක් සතිය අද (21) සිට ලබන (27) වනදා දක්වා කාලය තුල වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
තායි­වා­නයේ නැගෙ­න­හිර තායි­වා­නයේ මුහු­දු­බඩ ආශ්‍රිත පළා­තක ඊයේ රිච්ටර් මාප­කයේ 5.8ක අග­ය­කින් යුතු භූ කම්ප­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඉදිරි දිනවලදී හෙටින් (08) පසු දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News