මරා ගන්න බලය, ජවය, ශක්තිය අමෙරිකාවෙන්

අප්‍රේ 24, 2024

    එක්සත් ජනපද සෙනෙට් සභාව යුක්‍රේනය, ඊශ්‍රායලය සහ තායිවානය සඳහා මිලිටරි ආධාර ඇතුළත්, අමෙරිකානු ඩොලර් බිලියන 95  විදේශ ආධාර පැකේජයක් අනුමත කර තිබෙනවා.

    ඉකුත් සෙනසුරාදා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරන ලද මිලිටරි ආධාර ඇතුළත් ඩොලර් බිලියන 95  විදේශ ආධාර පැකේජය අද සෙනෙට් සභාව විසින් ද අනුමත කරනු ලැබූ බව, අමෙරිකානු මාධ්‍ය පවසනවා.

    සෙනෙට් සභිකයින් 79 දෙනෙකු පක්ෂව ඡන්දය දුන් අතර,  විරුද්ධව 18 දෙනෙකු ඡන්දය දී තිබෙනවා.  ජනාධිපති ජෝ බයිඩන් සම්මත කර ගැනුණු විදේශ ආධාර පැකේජයට හෙට අත්සන් තැබීමට නියමිතයි.

    යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 61 ක මිලිටරි ආධාර ඇතුළත් වන අතර, පෙන්ටගනය පවසන්නේ මෙම යුද ආධාර පැකේජය යුක්‍රේනය වෙත දින කිහිපයක් ඇතුළත ලබා දීමට හැකි බවයි.

    මෙම පැකේජය මගින් ඊශ්‍රායලයට ඩොලර් බිලියන 26.4 ක් ද,  තවත් ඩොලර් බිලියන 9.1 ක් ගාසා තිරයේ මානුෂීය ආධාර සඳහා ද  වෙන් කර තිබෙනවා. 

    තායිවානය ඇතුළු ආසියා - පැසිෆික් කලාපයේ අමෙරිකාවේ  මිත්‍ර රටවල ආරක්ෂක කටයුතු සදහා ඩොලර් බිලියන 8.1කද මෙමගින් වෙන් කර තිබෙනවා.  

    Latest News