56 කට දිවි අහිමි කළ බ්‍රසීල සුළි කුණාටු

මැයි 05, 2024

    දකුණු බ්‍රසීලයට බලපෑ සුළි කුණාටු තත්වයෙන්, මියගිය පිරිස 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එරට බලධාරීන් පවසන්නේ, තවත් දස දහස් ගණනක් අවතැන් බවයි.

    දකුණු බ්‍රසීලයට අඛණ්ඩව ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඉහළ ගොස් තිබෙනවා. එරට කාලගුණ විද්‍යා අංශ පවසන්නේ සුළි කුණාටු හමුවේ ආපදා තත්වය තවදුරටත් දරුණු වී ඇති බවයි.

    මෙහි වැඩිම බලපෑම, දකුණු බ්‍රසීලයේ රියෝ ග්‍රාන්ඩේ ඩෝ සූල්  ප්‍රාන්තයට එල්ල වී ඇති අතර එහි තවත් 67 දෙනෙකු අතුරුදන්. සුළි කුණාටු තත්වය හමුවේ විසිපන්දහසකට ආසන්න පිරිසක් සිය නිවෙස්වලින් පළා ගොසින්. ලක්‍ෂ 5 ක පමණ පිරිසකට තවමත් විදුලි සැපයුම සහ පිරිසිදු ජලය නොමැති බවයි වාර්තා වන්නේ.

    ප්‍රදේශ කිහිපයක මහාමාර්ග සහ පාලම් විනාශ වී ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News