වතු ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට කාසල්රි ජලාශයට මත්ස්‍ය පැටවුන් ලක්ෂයක්

මැයි 04, 2024

    වතු ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ඉහළ දැමීම සඳහා කාසල්රි ජලාශයට මත්ස්‍ය පැටවුන් ලක්ෂයක් පමණ මුදාහැරීමට කටයුතු කෙරුණා.

    මෙසේ මත්ස්‍ය පැටවුන් මුදාහැරුනේ කාසල්රි ජලාශයටයි. තිලාපි සහ කැට්ලා මත්ස්‍ය ඇගිල්ලන් මෙසේ මුදා හැර තිබෙනවා. මධ්‍යම පළාත් මිරිදිය ධිවර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක නිශ්ශංක ප්‍රේමලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින මෙය සිදුකෙරුණා.

    මධ්‍යම පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත නුවරඑලිය මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මෙසේ කාසල්රි ජලාශයට මුදා හැර තිබෙනවා. කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමට සහ වතු ආශ්‍රිත ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ඉහළ දැමීම සදහා මත්ස්‍ය ඇගිල්ලන් ජලාශවලට මුදා හැරි බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කියාසිටියේ.

    කාසල්රි ජලාශයට මුදා හැරි මත්ස්‍ය ඇගිල්ලන්ගේ අස්වැන්න මාස හයක් වැනි කාලයක් තුල නෙලා ගැනිමට හැකි බවත්, එම මත්ස්‍ය අස්වැන්න මිල දි ගැනිමට ප්‍රදේශයේ ජනතාව, වතු කම්කරුවන් ඇතුළු ජලාශ අවට පිහිටි සංචාරක හෝටල් හිමියන් ගෙන්ද දැඩි ඉල්ලුමක් පවතිනවා.

    Latest News