ප්‍රධාන පක්ෂවල මැයි රැළි පැවැත්වෙන්නේ මෙහෙමයි

මැයි 01, 2024
    ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ශ්රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින රැලි සහ පෙළපාලි රැසක් අද දිනයේ දිවයින පුරා සංවිධානය කර තිබෙනවා.

    ඒ අනූව, රැලි සහ පෙළපාලි 14ක් කොළඹ නගරයේදී පැවැත්වෙනවා.

    එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද පස්වරු 2.00ට කොළඹ පී.ඩී සිරිසේන ක්රීඩාංගණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භවීමට නියමිතයි.
     
    ජනාධිපතිවරයා අද මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව අතර අද පෙරවරුවේ ලංකා කම්කරු කොංග්රසය සංවිධානය කරන මැයි දින රැළියට කොටගල මහජන ක්රීඩාංගණයේ දී සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය පවසනවා.
     
    ශ්රී ලංකා පොදුජන පෙරමුණේ, මැයි දින රැලිය බොරැල්ල කැම්බල්පිටියේදී පැවැත්වෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් ඊට එක්වනවා.
     
    සමගි ජන බලවේගයේ මැයි දින රැලිය පහළ චැතම් වීදියේදී පැවැත්වෙනවා. ඒ පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන්. සොන්ඩර්ස් පෙදෙසේ සිට ඩී ආර් විජේවර්ධන මාවතේ සිට පෙළපාලි මගින් පාක්ෂිකයින් ඊට සහභාගී වීමට නියමිතයි.
     
    ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය පැවැත්වෙන්නේ කොළඹ කන්නංගර මාවතේදී. හැව්ලොක් පාරේ සිට තුන්මුල්ල හරහා පෙළපාලි මගින් පාක්ෂිකයින් ඊට සහභාගී වීමට නියමිතයි. පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නායකයින් සහභාගී වන එම රැලියට අමතරව, මාතර සහ අනුරාධපුරය,යාපනය යන නගර වලද මැයි දින සැමරුම් සංවිධාන කර තිබෙනවා.

    Latest News