ඊශ්‍රායල හදවත මොහොතකට උණු වෙයි

අප්‍රේ 30, 2024
    මාස ගණනාවක් පුරා දිග්ගැස්සෙමින් පවතින ගාසා තීරයේ යුද්ධය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මේ වන විට සුභවාදී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.

    ඒ, දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්රතිචාරයක් පළවීමත් සමඟයි.

    එම කාලය ප්රකාශයට පත්වන්නේ ප්රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීම සඳහායි.
     
    එමෙන්ම අවතැන් වූ පවුල්වලට උතුරු ගාසා තීරයට ආපසු යාමටද මෙමඟින් අවස්ථාව උදාවන බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
     
    දේශපාලන විචාරකයින් පවසන්නේ ඊශ්රායලයේ මෙම තීරණය “අසාමාන්ය ත්යාගශීලී” තත්ත්වයක් බවයි.

    Latest News