කැන්ගරු සංචිතය නම් කෙරේ

මැයි 01, 2024
    පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්රේලියානු සංචිතය නම්කර තිබෙනවා.
    නායකත්වය දරන්නේ, මිෂෙල් මාෂ්.
    15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් ඇතුළත් වී නැහැ.
     
    මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දී පිතිකරුවෙකු ලෙස විශිෂ්ට දස්කම් දැක්වු ජේක් ෆ්රාසර් ද ඕස්ට්රේලියානු 20-20 සංචිතයට ඇතුළත් කර නොමැත.
     
    මිචෙල් මාෂ් (නායක)
    ඇෂ්ටන් අගාර්
    පැට් කමින්ස්
    ටිම් ඩේවිඩ්
    නේතන් එලිස්
    කැමරන් ග්රීන්
    ජොෂ් හැස්ල්වූඩ්
    ට්රැවිස් හෙඩ්
    ජොෂ් ඉන්ග්ලිස්
    ග්ලෙන් මැක්ස්වෙල්
    මිචෙල් ස්ටාක්
    මාකස් ස්ටොයිනිස්
    මැතිව් වේඩ්
    ඩේවිඩ් වෝනර්
    ඇඩම් සම්පා
     
    මේ වනවිට නවසීලන්තය, දකුණු අප්රිකාව, ඉන්දියාව, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් ද විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන සංචිත ප්රකාශයට පත් කර තිබෙනවා.

    Latest News