බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේනය පවසනවා.
ඉදිරිපෙළ යුද පෙරමුණට ආයුධ ලබා දීම කඩිනම් කරන ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්සිකි බටහිර රටවලින් ඉල්ලා සිටිනවා.
ඊශ්රායලය, ගාසාහි රෆා නගරයට එල්ල කරන ප්රහාර නැවැත්විය හැක්කේ අමෙරිකාවට පමණක් බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසනවා.

චීන - ඇමරිකානු දෙපාර්ශ්වය එකඟතා 5 කට එළඹෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතා  සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අතර 26 වැනිදා බෙයිජිං අගනුවර පැවති සාකච්ඡාවේ දී ය.

කෙන්යාවට බලපා ඇති ධාරානිපාත වැසි හේතුවෙන්, මියගිය පිරිස 76 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 29 දෙනෙක්.

තායිවානයේ නැගෙනහිර හුවාලින් ප්රාන්තයට ඔබ්බෙන් වූ ප්රදේශයේ ප්රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ටැන්සානියාවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 155 දෙනෙකු මියගොස් තිබෙනවා.
ලෝකයේම අවධානය දිනා ගනිමින් මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්රහීම් රයිසි සිය එක්දින නිල සංචාරය නිම කරමින් ඊයේ (24) රාත්රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
කෙන්යාවේ නයිරෝබි අගනුවරට බලපා ඇති උග්‍ර ගංවතුර තත්වයෙන් තිස්දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජනපද සෙනෙට් සභාව යුක්‍රේනය, ඊශ්‍රායලය සහ තායිවානය සඳහා මිලිටරි ආධාර ඇතුළත්, අමෙරිකානු ඩොලර් බිලියන 95  විදේශ ආධාර පැකේජයක් අනුමත කර තිබෙනවා.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියා.

චීන සහයෝගිතා සම්බන්ධයෙන් තමා දැඩි අපේක්ෂා සහගතව පසුවන බව ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරාධිපතිනි London Breed මහත්මිය පවසයි.

ජිබුටි රාජ්යයේ වෙරළට ඔබ්බෙන් වූ මුදුදේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 33 දෙනෙකු මියගොස් ඇති බව, විදෙස් මාධ්ය වාර්තා කරනවා.
20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තම දෙවැනි පුහුණු තරගයේද ජයග්රහණය වාර්තා කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත්වුණා.
ඒ, වනවාටු කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9 කින් ජය ගනිමින්.

මැලේසියාවේ හොලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන්  10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණාගාරයක්, විප්ලවීය හමුදාවේ ගුවන් බළකා කඳවුරක් සහ මිසයිල නිෂ්පාදනාගාරයක් පිහිටි ඉස්ෆහාන් නුවරට ඊයේ (19) අලුයම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැනඩා ඉතිහාසයේ විශාලතම රන් ජාවාරම හසු කරගැනීමට එරට පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළා.
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන, ඉන්දීය මහමැතිවරණ හෙට පැවැත්වීමට නියමිතයි.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමුවෙයි. හමුව 16 වැනිදා සවස බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී සිදුවිය.

Latest News