චීන සහයෝගිතාවය ගැන ඇමරිකාවේ නගරාධිපතිනියගෙන් ප්‍රකාශයක්

අප්‍රේ 24, 2024

    චීන සහයෝගිතා සම්බන්ධයෙන් තමා දැඩි අපේක්ෂා සහගතව පසුවන බව ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරාධිපතිනි London Breed මහත්මිය පවසයි.

    ඉකුත් 21 වැනි දා ඇය නගරාධිපතිවරිය ලෙස නිරත වූ පළමු චීන නිල සංචාරය අවසන් කළාය. එම සංචාරය සැන්‍ෆ්‍රැන්සිස්කෝ නගරයේ අනාගතයට වැදගත් වන සංචාරයක් බවත්, චීනය සමග සහයෝගිතා පැවැත්වීම සම්බන්ධයෙන් තමා දැඩි අපේක්ෂාවකින් පසුවන බවත් London Breed මහත්මිය ආපසු ඇමරිකාවට යාමට පෙර පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටි‍යා ය.

    චීනයේ නව බලශක්ති මෝටර් රථ සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් මෙන්ම විද්‍යාව හා තාක්ෂණය චීන ජන ජීවිතය තුළ පුළුල් ලෙස භාවිත වන ආකාරය චීන සංචාරයේ දී තමාගේ සිතට තදින් කාවැදුණු බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දී ඇමරිකාවට සහ චීනයට එකිනෙකාගෙන් බොහෝ දේ අධ්‍යයනය කළ හැකිය. එසේම, පරිසර සංරක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දෙරට සහයෝගිතා වඩාත් ශක්තිමත් කළ හැකි බව ද London Breed මහත්මිය පෙන්වා දුන්නාය.

    සැන්ෆ්‍රැන්සිස්කෝ නගරාධිපතිවරිය චීනයේ රැඳී සිටි කාලයේ අදාළ ඇමරිකානු නියෝජිත පිරිස චීනයේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් සමග සාකච්ඡා පවත්වා ඇති අතර, ද්විපාර්ශ්වික සහයෝගිතා සම්බන්ධයෙන් එකඟතා රැසකට ද පැමිණ තිබේ.

    Latest News