බණ්ඩි පොහොර හෙට සිට රු. දහසක් අඩුවෙන්

ජූලි 14, 2023

බණ්ඩි පොහොර හෙවත්, MOP පොහොර කිලෝග්‍රෑම් 50 මිටියක් හෙට සිට රුපියල් දහසකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම කන්නය ආරම්භ වන විට රුපියල් විසිදෙදහස ඉක්මවා පැවති MOP පොහොර මිල රුපියල් 19,500 ක් දක්වා අඩු කිරීමට රජය පසුගිය සමයේ පියවර ගත්තා. එමෙන්ම, යළ කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500 කින් අඩු කළා. ඒ අනුව, මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් රුපියල් පහළොස්දහස බැගින් දැනට අලෙවි කෙරෙන MOP පොහොර මිල හෙට සිටම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් රුපියල් දාහතරදහසකට ලබාදීමට අවස්ථාව සලසා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

වැටුප් රහිත නිවාඩු ලබාගත් රාජ්‍ය නිලධාරීන්ට නව චක්‍රලේඛයක් ආර්ථික වර්ධනය පිණිස ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කරන බව ජනපති කියයි

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025