මහ කන්නයට පොහොර අද ඉදන්

ඔක් 09, 2023

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර අද (09) සිට බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් රජයට අයත් පොහොර සමාගම් වෙත මේ වන විට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය පැවසුවේය.‍

ඒ අනුව අද සිට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට අලෙවි කිරීමට නියමිතව තිබේ.

එම පොහොර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

ඊට අමතරව ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යුරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේය.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාණෙනි ඔබට සුබ ගමන් ගාල්ල - මාතර සියලු පාසල් වැසේ

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025