දින තුනක් සුරාසැල් වැසේ

මැයි 04, 2023

වෙසක් පොහොය නිමිත්තෙන් දින තුනක කාලයක් සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව අද (04) හෙට (05) සහ අනිද්දා (06) දිනවල මෙලෙස සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරන්නේ.

Related items

පළාත් රැසකට අදත් වැස්ස නාය අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

Latest News