සරසවි සිසුන් පිරිසක් රැගත් බස් රථයක් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළෙයි

නොවැ 01, 2024
සරසවි සිසුන් පිරිසක් රැගත් බස් රථයක් බදුල්ල දුන්හිද ප්‍රදේශයේදි අද උදේ අනතුරකට ලක්වීමෙන් සිසුවියන් දෙදෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.‍
අනතුර වන අවස්ථාවේ සිසුන් හතළිස් දෙදෙනෙකු බස් රථයේ සිටි බවයි වාර්තා වන්නේ.
අනතුර අද උදේ 7.45 ට පමණ සිදුව ඇත්තේ බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන සහ හතරවන කිලෝමීටර් කණු අතර ස්ථානයකදී.බස් රථය වේල්ලක ගැටී පෙරලී තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් අනතුරට ලක්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. තුවාල ලැබු 35 දෙනෙකුට වැඩි පිරිසක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.‍

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024