අධික වර්ෂාපතනය නිසා සෙවනගල කුඹුරු අක්කර 50ක් යට වෙයි

දෙසැ 08, 2021

මේ දිනවල තණමල්විල සෙවනගල ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා එම ප්‍රදේශයේ කුඹුරු අක්කර පනහකට වඩා ජලයෙන් යට වී විනාශ වී තිබේ.

ප්‍රදේශයේ ඇළ මාර්ග සහ වැව් අමුණු පිටාර ගැලීම නිසා මෙම ජල ගැලීම් තත්වය ඇති වී ඇති අතර එම නිසා දිවුලාන,සෙවනගල ජනපදය සහ කිරිඉබ්බන් ආර යන ප්‍රදේශවල වගා කර තිබූ කුඹුරු වගාවන් මෙලෙස ජලයෙන් යට වී ඇත.

ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව මේ වන විට ක්‍රමක්‍රමයෙන් අඩු වී ඇතත් ඇතැම් පහත් බිවල ජලය තවමත් බැසගොස් නොමැත.

Related items

යුගදනවි බලාගාරයේ ගිවිසුමට එරෙහි පෙත්සම්වලට පක්ෂව අමාත්‍යවරු තිදෙනෙක් අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කැඳවීමට නියෝග

Latest News