ගින්නකින් කාසල්රි ජලාශ රක්ෂිතයේ අක්කර 10ක් විනාශයි

පෙබ 25, 2020

කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 10ක පමණ කොටසක් විනාශ වී තිබේ.

ගින්න හට ගැනුණේ ඊයේ(24) පස්වරු 5.00ට පමණ නොර්වුඩ්, නිව්වැලි වත්ත ප්‍රදේශයේ කාසල්රි ජලාශය අසළින්.

ඉලුක් සහ තෘණ සහිත එම රක්ෂිතයේ සිඝ්‍රයෙන් ගින්න පැතිර ගිය අතර ගින්න හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි නොර්වුඩ් ඇගළුම් කාර්මාන්ත ශාලාව අසළට සහ හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගය අසලටද පැතිර ගොස් තිබුණි.

පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ ඇගළුම් කාර්මාන්ත ශාලාවේ නිලධාරින් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කර තිබේ. කාසල්රි ජලාශයේ අනවසරෙන් ධිවර කටයුතුවල නිරත වි සිටින පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැකකරයි.

ගිනිගෙන විනාශ වි ඇති කාසල්රි ජලාශ රක්ෂිතය හරහා කාසල්රි ජලාශයට ජල මුලාශ කිහිපයක්ද ගලා බසින බව වතු කම්කරුවන් කියා සිටියි.

Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 07:36
පුද්ගලයෙක්ට මරු කැඳවමින් හොරණ වෙඩි තැබීමක් (වීඩියෝ) දෙහිවලදී කිලෝ 4ක හෙරොයින් සමඟ 6දෙනෙක්ට මාංචු

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024