ලක් මව ලොවට ගෙන යන සුක්කානමේ විරුවා

මැයි 23, 2024

ඉතාලියේ පැවති "ජීටී 4" මෝටර් රථ  ධාවන තරගාවලිය ජයග්‍රහණය කළ  ලෝක ශූර ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන  ශූර ඩිලන්ත මාලගමුව තරගය ජය ගැනීමෙන් අනතුරුව ඊයේ අලුයම  ශ්‍රී ලංකාව බලා පැමිණියා.

මෙම තරගාවලිය සඳහා සහභාගි වූ එකම ශ්‍රී ලාංකිකකයා මෙන්ම ආසියාතික ක්‍රීඩකයා වන්නේ ද ඩිලන්ත මාලගමුවයි. මෙම  තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 30 ක් නියෝජනය කරමින් මෝටර් රථ ධාවන ශූරයින් එක්ව සිටියා.

ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව මහතා මෙසේ  පැවසීය .   "මෙම තරගාවලිය සදහා සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම ආසියාතිකයා ද වූයේ මමයි .

මෙම තරගාවලිය යුරෝපයේ පවත්වන ලොකුම මෝටර් රථ ධාවන තරගය වන අතර ඒ සදහා ලෝකයේ රටවල් 30 ක මෝටර් රථ ධාවන ශූරයින් එක් වී සිටියා . ඔවුන් වැඩි පිරිසක් යුරෝපා සහ ඇමෙරිකානු මහාද්වීප නියෝජනය කරන්නන් .

මෙම මෝටර් රථ ධාවන තරගය සදහා කාර් 50 ක් සහභාගී වී සිටි අතර එම එක් රථයක් සදහා රියැදුරුවරුන් දෙදෙනා බැගින් එක් වී සිටියා.

ඒ වගේම මෙම තරගාවලිය සදහා ලෝකයේ වඩාත් බලවත් , දියුණු මෝටර් රථ වර්ග 10 ක මෝටර් රථ ධාවනයට එක් වී සිටි අතර මම ඒ.එම්.ජී.- ජී.ටී. 4 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළා .යැයි ද පැවසීය ."

2024 අවසානයේ මෙම ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත අතර මේ සදහා තවත් මෝටර් රථ ධාවන තරග 12 ක් ඉතිරි වී ඇති බව ද ඩිලන්ත මාළගමුව මහතා පැවසීය . එසේම ඉදිරි මාසයේ තවත් මෝටර් රථ තරග 04 ක් පැවැත්වීමට නියමිතව ඇති බව ද හෙතෙම පැවසූ අතර මෙම ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම තම එකම අපේක්ෂාව බව ද ඩිලන්ත මාළගමුව මහතා වැඩිදුරටත් පැවසීය .

ඔහු 05/22 දින අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඩිලන්ත පිළිගැනීම සදහා ඔහුගේ මිතුරන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024