දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය සොයා බැලීම සඳහා පත් කොට ඇති විශේෂ පරීක්ෂණ කොමිසමේ තීරණය ලැබෙන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොකරන බව ජනාධිපති ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත් කර තිබෙන නියෝගයක් අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර ඇති මෝසම සලකා බැලීම සඳහා ලබන 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එක්සත් ජාතික පක්ෂයට පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ආර්ථිකය ගොඩනැගිය හැකි එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බව එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය වන්නේ අලුතින් හිතන පිරිසක් බව, එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආර්ථික දැක්මක් සමඟ රට ගොඩනැගිය හැකි එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය බව, පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවසේ ආර්ථිකය සැලකිල්ලට ගෙන මෙවර ඡන්දය ප්‍රකාශ කළ යුතු බව, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ විහාරස්ථාන කිහිපයක ආගමික වතාවත්වලට ඊයේ එක්විය.

මෙවර මැයි දිනය සැමරීමට සිදුව තිබෙන්නේ, මුලු ලෝකයම පාහේ සමාජ දුරස්ථකරණයට ලක්වී තිබෙන අවස්ථාවක බව, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Latest News