ත්‍රස්තවාදී ක්‍රියා මැද මූලික ආර්ථික දර්ශක ස්ථාවරවයි

මැයි 23, 2019

ත්‍රස්තවාදී ක්‍රියා මැද වුවත් අද වනවිට රටේ මූලික ආර්ථික දර්ශක ස්ථාවරව පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසයි.

මුදල් අමාත්‍යවරයා විදේශ විනිමය පනත යටතේ නියෝගය විවාදය පාර්ලිමේන්තුවේ ආරම්භ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා “වසර ගනනාවක් යුද්ධයෙන් පස්සේ නැවත වරක් සාමය සමඟ හා ආර්ථික ස්ථාවරත්වය උදා වුනේ 2015 පසුවයි. ප්‍රජතන්ත්‍රවාදී රටක් ලෙස ඉමහත් පිළිගැනීමට ලක් වුණේ මේ කෙටි කාලය තුළයි. ඒ තුළින් යළි වතාවක් විධිමත් සංවර්ධන මාවතකට යොමු වෙලා තිබුණේ.

සංවර්ධනයට ප්‍රධන බාධා දෙකක් ඇති කළා. මහා නියඟයක් හා ගංවතුරක් ඇති වුණා. ඔක්තෝබර් 26 ඇති වූ ව්‍යවස්ථා කුමන්ත්‍රණය. අප්‍රේල් 21 බොම්බ ප්‍රහාරය නිසා රට ආපස්සට ඇද දැමීමීමට යම් කොටස් කටයුතු කළා. දේශපාලන බලවේගවල ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී, අන්තවාදී ක්‍රියාකාරකම් තවම නැති වී නෑ. සංචාර ව්‍යාපාරය දියුණු වෙලා රටේ ස්ථාවර පදන්ම ශක්තිමත් වුණා. විශාල වශයෙන් ඇද වැටුණු රුපියල ශක්තිමත් වුණා ස්ථාවර වුණා. පසු ගිය 21 ඇති වූ ජාත්‍යන්තර අන්තවාදී ක්‍රිකාරකම් නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වුණා. මේ සියලු බාධා මැද සර්ව ආර්ථිකය ශක්තිමත්ව නොසැලී පවත්වා ගැනීමට පදනම 2015 ජනවාරි මස සිට රට තුළ ඇති කර තිබෙන නිසා පාස්කු බොම්බයෙන් ඇති වූ ප්‍රහාරය සිදු වුණත් අපේ ආර්ථිකයට අපිට මුහුණ දෙන්න හැකි වී තිබෙනවා.

ත්‍රස්තවාදී ක්‍රියා මැද වුවත් අද වනවිට රටේ මූලික ආර්ථික දර්ශක ස්ථාවරව පවතින බව කියන්න කැමතියි. රටේ ආර්ථික දර්ශකය නොවෙනස්ව පවතිනවා. විදෙස් සංචිත ශක්තිමත්. මේ දර්ශක කිසිවක විශාල වෙනසක් පෙන්වන්නේ නෑ. අනපේක්ෂිත ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතා කෙටි කාලයක් තුළ මැඩ පැවැත්වීමට හැකි වුණා. අස්ථාවර තත්ත්වය පාලනය කිරීමට හා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය සමත් වුණා“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය

 

Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 13:57

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024