විරෝධතාවක් තහනම් කරන ලෙස කෙරුණු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරේ

විරෝධතාවක් තහනම් කරන ලෙස කෙරුණු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරේ

අගෝ 08, 2022

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී හෙට දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

කුරුදුවත්ත පොලීසිය විසින් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළා.

මෙම විරෝධතාවල දී යම් සාමය කඩවීම ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවත් මෙහිදී මහේස්ත්‍රාත් වරයා අවධාරණය කර සිටියා.

Related items

  • රැළියෙන් අද උණුසුම්වන කොළඹ
  • අගමැති කාර්යාලය අසළ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර
  • අන්තරේ පා ගමනට එරෙහි පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ
  • අද කොළඹ පවත්වන විරෝධතාවකට අධිකරණ අඥාවක්
සිංහරාජ රක්ෂිතය හරහා මාර්ගයක් ඉදිනොකරන බවට ප්‍රතිඥාවක් කොවිඩ් ආසාදිතව ඊයේ මරණ 3යි

Latest News