ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල්, ජනපති හමුවෙයි

ජූනි 20, 2022

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය පවසයි.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ක්ලෙයාර් ඕ’නෙයිල් මහත්මිය අද (20) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

නීතිවිරෝධි සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් සඳහා “ශූන්‍ය අවකාශය” ඕස්ට්‍රේලියාවේ පෙර පැවති කොන්සර්වේටිව් රජයේ ප්‍රතිපත්තිය විය. කම්කරු පක්ෂය නියෝජනය කරන නව රජයේ ප්‍රතිපත්තිය ද එයම බව ක්ලෙයාර් මහත්මිය කියා සිටි.

නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීමට තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපතිතුමා නාවික හමුදාව එම පියවරයන් ඉදිරියට ගෙන යමින් ඇති බව පැවසීය. ඕස්ට්‍රේලියානු රජය නෞකා, තාක්ෂණික සහ ද්‍රව්‍යමය ආධාර සපයමින් ඊට දෙන සහාය අගය කළ රාජපක්ෂ මැතිතුමා දෙරට මනා සබඳතාවයකින් කටයුතු කරමින් සිටින බව සඳහන් කරනු ලැබීය.

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි අවධානයෙන් පසු වේ. එම අවශ්‍යතාව සපුරාලමින් ඉන්දියන් සාගරය ආරක්ෂක කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. නාවික හමුදාවේ 50දෙනෙක් මේ වන විට විශේෂ පුහුණුව සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිති. එවැනි පුහුණු අවස්ථා සහ මෙරට ආරක්ෂක හමුදා සමග සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කරනු ලැබීය.

රේගු පරිපාලනය සම්බන්ධයෙන් ඇති අත්දැකීම් ලබාදෙමින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කරගැනීමටත් සහාය වන බව අමාත්‍යවරිය සඳහන් කළාය.

ධීවරයන් නියාමනය, වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිසුන්ට උසස් අධ්‍යාපනය ලබාගත හැකි කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සහාය වීමට තම රජය සූදානම් බවත් අමාත්‍යවරිය පැවසුවාය.

ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ APM කොමසාරිස් මයිකල් අවුට්‍රම් (), ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ජස්ටින් ජෝන්ස් (), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (), පළමු ලේකම් ඇෂ්ලි ඇල්ඩර්ටන් (), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, විදේශ ලේකම් අරුණි විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ධම්මික පෙරේරා දිවුරුම් දීම කල්දමයි රජයේ පාලන මිලට අඩුවෙන් දේශීය සහල්...(වීඩියෝ)

Latest News

Cfe9c50cbaaab1bf3cf4cc1ab6379d04 Generic

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙයි

අප්‍රේ 08, 2025

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

96920214ec0a4fd2674b6e808afb5fec Generic

රාමසාන් උත්සවයට ජනපතිගෙන් සුභාසිංසන

මාර් 31, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025