ඉදිකිරීම් අවසන් අදියරේ පවතින ජල ව්‍යාපෘති කඩිනම් කර 
ජනතා අයිතියට පැවරීමට සැලසුම්

ජූනි 16, 2022

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා සහ කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කෙරේ.



එම ව්‍යාපෘති පිළිබඳ මතුව ඇති ගැටලු හැකි ඉක්මණින් නිරාකරණය කර ගැනීමට ද තීරණය විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (15) පස්වරුවේ පැවති ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙම කරුණු සඳහන් කෙරිණ.

දේශීය සහ විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී ජනාධිපතිතුමා විමසීය.

දේශීය සහ විදේශීය අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක මහා, මධ්‍ය සහ සුළු පරිමාණ ජල ව්‍යාපෘති ගණන 2337කි. ඉන් බොහොමයක් සාර්ථක ප්‍රගතියක් අත් කරගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

2019 වසරේ සිට මේ දක්වා නව ජල සම්බන්ධතා 467,808ක් ලබා දී ඇති අතර 2025 වසර වන විට ඉලක්කගත සමස්ත පවුල් ඒකක ගණන 5,946,352 කි. ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ජාතික ප්‍රජා ජල සැපුයම් දෙපාර්තමේන්තුව විසින් ගම සමග පිළිසඳර වැඩසටහනේ දී යෝජිත ව්‍යාපෘති 84ක් ඇතුළුව නව ගම්මාන ආශ්‍රිත ප්‍රජා ජල ව්‍යාපෘති 704ක් ක්‍රියාවට නංවා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල සහ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව හා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තු පනත සම්මත කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

වාණිජ්‍ය පරමාර්ථයෙන් ක්‍රියාත්මක මහා පරිමාණ නළ ළිං වලින් පරිසරයට වන හානිය අවම කර ගැනීම, නළ ළිං, වළ ළිං සහ කෘෂි ළිං පිළිබඳ පූර්ණ සංගණනයක් සිදු කිරීම, මහා පරිමාණ ඉඩම් කැබලි කිරීමේ දී භූගත ජලය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සැලසුම් ද සකස් කිරීමට ද තීරණය විය.

2022 අප්‍රේල් මස වන විට ගෘහස්ථ, වාණිජ ආයතන, රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු සියලුම පාරිභෝගිකයින් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය වෙත ගෙවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 7500කට ආසන්න බව නිලධාරීහු සඳහන් කළහ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

අද පැය 2 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් අද ලිට්‍රෝ ගෑස් බෙදාහරින්නේ අතශ්‍යවශ්‍ය සේවාවලට පමණයි

Latest News

Cfe9c50cbaaab1bf3cf4cc1ab6379d04 Generic

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙයි

අප්‍රේ 08, 2025

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

96920214ec0a4fd2674b6e808afb5fec Generic

රාමසාන් උත්සවයට ජනපතිගෙන් සුභාසිංසන

මාර් 31, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025