වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ වීමට නියමතයි.
එළැඹෙන 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
මේ වසරේ දක්නට ලැබෙන ප්රධානතම උල්කාපාත වර්ෂාවක් වන, “ෆර්සියස්” උල්කාපාත වර්ෂාවේ උපරිමය, අද මධ්යම රාත්රියෙන් පසු බටහිර අහසේ දක්නට ලැබෙන බව, අභ්යවකාශ විද්යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්යයේ කටයුතු අද (05) ආරම්භ වනවා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා.

මධ්‍යධරණී සාගරයේ ඇති විශාලතම දූපත වන සිසිලියේ දැඩි නියං තත්වයක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් දූපත මධ්‍යයේ පිහිටි පර්ගුසා විලේ ජල මට්ටම බෙහෙවින් පහත වැටී තිබෙනවා.

කොළඹ 07 පිහිටි ජාතික පුස්තකාල හා ප්රලේඛන මධ්යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ගල්ගමුවේ චන්ඩි ලෙස හදුන්වන තනි දළයක් හිමි හස්තියා මියගොස් තිබෙනවා.

ඊසානදිග රුසියාවේ යකුටියා හි ඇබීස්කි ප්‍රදේශයේ නිත්‍ය තුහින හා පස් තට්ටු යට තැන්පත්ව තිබූ වෘක සිරුරක් සොයා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වී තිබෙනවා.

ජාතික පොසොන් සතිය අදින් (17) ආරම්භ වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝගයට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළා.
ප්රංණශය, ස්පාඤ්ඤය සහ ග්රීආසිය ඇතුළු යුරෝපා සංගමය ඇතුළු රටවල් 13 කින් ආක්ර මණශිලී මදුරු විශේෂයක් සොයා ගෙන තිබෙනවා.
සියනෑ කෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්යම යක්කඩුවේ රාහුල හිමියන් අපවත්වී තිබෙනවා.
කොළඹ නගරයේ ඇති අවදානම් ගස්වල වගකීම එම ගස් පිහිටා ඇති පෞද්ගලික හෝ රජයේ ඉඩම්වල හිමිකරුවන් භාරගත යුතු බවට නීතිමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද සිට බලපැවැත්වෙන පරිදියි.

"All eyes on rafah" (රෆා වෙත සියලු දෙනාගේ අවධානය) යනු ඊජිප්තු දේශසීමාව අසල ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි නගරය වන Rafah හි දැනට පවතින ඛේදජනක යුධමය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන සටන් පාඨයක් සහිත කෘතිම බුද්ධිය (AI) ජනනය කරන ලද රූපයකි.

විශ්වය පුරා පවතින ඇතැම් තාරකා පුපුරා යාමකින් තොරව සෘජුවම කළු කුහරයක් බවට පත්විය හැකි බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලය තුළ නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

මැමත් සතුන්ගේ අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනීමට ඔස්ට්‍රියාවේ විද්‍යාඥයින් පිරිසකට හැකි වී තිබෙනවා.

Latest News