වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. එම උතුම් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
1. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම.
2. ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
3. බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම.
4. පසුවස් පවාරණය කළ යුතු දිනය වීම.
5. චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම.
6. අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම.
යනාදී කරුණු රැසක්ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබෙනවා.
ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතෙරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙරට මෙන්ම ලොව පුරා සියලු බෞද්ධයෝ අද දිනයේ විවිධ පින්කම් වල නිරත වනවා.
අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
යුද ටැංකි යොදා ගනිමින් උතුරු ගාසා තීරයේ සීමිත ගොඩබිම් මෙහෙයුමක් සිදු කළ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.
හලාවත වෙරළ උද්‍යානයේ පහසුකම් නොමැතිවීම හේතුවෙන් තමන්ට මේ වන විට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි, ජනතාව පවසනවා.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රධානතම අංගයක් වූ දිය කැපීමේ චාරිත්‍රය, අද අලුයම් කාලයේ දී ඉටු කෙරුණා. ඒ, ගැටඹේ මහවැලි ගංදිය කපනා තොටදී.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය.
යොවුන් සංචාරක රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව වූ නෙළුනි සෞන්දර්යා මෙනවිය අද දිවයිනට පැමිණියා.
ඉන්දියාව සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුමේ වික්‍රම් ලෑන්ඩර් සහ ප්රග්යාන් රෝවරය සඳ මතට ගොඩබෑම අද පස්වරුවේ සාර්ථකව සිදුකෙරුණා.
ඉන්දියාව සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුම සඳ මත පතිත කිරීමට තව ඇත්තේ පැයකිහිපයක් පමණි. “චන්ද්‍රයාන්-3” සාර්ථක වුවහොත්, සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබස්වන පළමු රට ඉන්දියාව වනු ඇත.
චන්ද්‍රයාගේ දක්ෂිණ අර්ධගෝලයට සඳ ගවේශණ යානයක් ගොඩබස්වන ලද ලොව පළමු රට බවට පත්වීමේ අරමුණින් ඉන්දියාව විසින් කක්ෂ ගත කළ චන්ද්‍රයාන් 3 සඳ ගවේශණ යානය නියමිත වේලාවට ගොඩබැස්වීමට සියල්ල සූදානම් බව, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසනවා.