'2022 රූ කිරුළ' මූලික වටයේ තරග ඇරඹේ (වීඩියෝ)

පෙබ 19, 2022

ජාතික රූපවාහිනී රූ කිරුළ 2022 සඳහා මූලික වටයේ තරග අද ආරම්භ වුණා. රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන මූලික වටයේ තරග සඳහා දිවයිනේ නන් දෙසින් රුවැත්තියන් විශාල පිරිසක් එක්ව සිටියි.

මෙම රුවැත්තියන් අතරින් අවසන් වටය සඳහා රුවැත්තියන් දස දෙනෙකු තෝරා ගැනේ. ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් ඔවුන් තෝරාපත්කර ගැනේ.

ජාතික හා ජාත්‍යන්තර රූ රැජිණ තරග නිර්මාණ අධ්‍යක්ෂ ලෝචිං වොං, ප්‍රවීණ නර්ථනවේදී ආචාර්ය චන්න විජේවර්ධන, ජනප්‍රිය රංගන ශිල්පිණී උදාරි පෙරේරා, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි සමන්ත ගුණසේකර, ජනප්‍රිය රංගන ශිල්පිනී සදනි ප්‍රනාන්දු එම විනිසුරු මඩුල්ලයි.

මීට සමගාමීව ඡවි කල්‍යාණය, කේෂ කල්‍යාණය, දන්ත කල්‍යාණය, නේත්‍ර කල්‍යාණය, රූ සපුව යනාදී අනුතරග වට කිහිපයක් යටතේ ද රුවැත්තියන් තෝරා පත් කර ගැනීමට නියමිතයි. මෙහි නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය නවලිය පුවත්පතයි.

YouTube video player

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024