"තෑන්ක් ගෝඩ්"චිත්‍රපටයට යොහානි 'මැණිකේ' ගීතය හින්දියෙන්

ඔක් 20, 2021

"මැණිකේ මගේ හිතේ.." ගීතයත් සමග ලෝකයේ කතා බහට ලක්වන ශ්‍රී ලං‍කාවේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා තවත් මුල් පෙළේ බොලිවුඩ් සිනමාපටයකට සිය ගායක දායකත්වය ලබා දීමට සූදානම් වෙයි.

"තෑන්ක් ගෝඩ්" නම් නවතම හින්දි චිත්‍රපටයට මැණිකේ මගේ හිතේ ගීතයේ, හින්දි පිටපතක් යොදා ගන්නා බව එහි අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර් මාධ්‍ය වෙත සදහන් කර තිබේ.

එම චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට සැළසුම් කර තිබේ.

එම චිත්‍රපටයට ජනප්‍රිය බොලිවුඩ් නළු අජේ දෙව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රාකුල් ප්‍රීත් සිං ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකවෙයි. මෙම හින්දි ගීතයේ පද රචනා කර ඇත්තේ ‘රශ්මි විරාග්’ විසිනි.

"තෑන්ක් ගෝඩ්" චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා නිෂ්පාදක මඩුල්ලට සිය කෘතඥතාව පළ කරන බවයි,යොහානි පවසන්නේ. මේ සදහා තමන් ඉදිරියේ දී ඉන්දියාවට ඉදිරියේ දී යෑමට අපේක්ෂා කරන බවද ඇය පවසා සිටියි.

Related items

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024