උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්වූ යාල්දේවි දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ 'මීනගයා' සීඝ්‍රගාමී දුම්රිය ඊයේ රාත්‍රී අවුකන දුම්රිය නැවතුම අසළ දී පීළි පැනීමට ලක්ව තිබේ.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

දුම්රිය වැඩවර්ජනය අවසන් කරන බව, දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. අද පස්වරුවේ වෘත්තීය සමිති නියෝජිතයින් දුම්රිය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා හමුවිය. 

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර අදට (02) දිනට හතකි.

රාජ්‍ය සේවයේ වැටුප් ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැය හයකට අධික කාලයක් ඊයේ සාකච්ජා කළ බවත් ඔවුන්ගේ ගැටළු සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

වැඩවර්ජනය හමුවේ වුවද අද (30) පෙරවරුවේ කාර්යාල දුම්රිය 10ක් ධාවනයයට එක් කල බව ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

උතුරු පළාතේ ලංගම හා පෞද්ගලික ඒකාබද්ධ විශේෂ බස් සේවාවක් ක්‍රියාවට නංවා තිබේ.

Latest News