රඹුක්කන හා පොල්ගහවෙල අතරදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.

ලබන 20 වැනිදා සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන වෙනස් වන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී එස් ගුණසිංහ මහතා දැනුම් දෙනවා.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර් තමේන්තුව පවසයි. 

උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සති අන්තයේ ගමන් ගන්නා මගීන් වැඩිවීම හේතුවෙන් නව දුම්රියක් ධාවනයට පියවරගෙන තිබේ.

අදත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ රාත්‍රියේ (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. අද දිනයේ දී දුම්රිය ධාවනය යථාපරිදි ක්‍රියාත්මක කිරීමට පාලනාධිකාරිය පොරොන්දුවීමත් සමගයි.

පැවැති කොවිඩ් තත්ත්වය හේතුවෙන් පනවා තිබූ පළාත් සංචරණ සීමා හමුවේ නවතා දැමූ දුම්රිය ධාවනය අද (08) සිට නැවතත් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

රජය දැනුම්දෙන ඕනෑම අවස්ථාවක දුම්රිය ධාවනය ඇරඹිය හැකි බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියේ ය.

Latest News