කාලගුණයේ අමුතු වෙනසක්

ජූනි 22, 2024
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

එමෙන්ම මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025