මියන්මාර් නායිකා අවුන්සාන් සුකී හට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ඉවත්කර ගැනීමට අන්තර්ජාතික ක්ෂමා සංවිධානය තීරණය කර තිබේ.

ඊශ්‍රායලය, පලස්තීන ගාසා තීරයට පිවිස සිදු කළ රහසිගත හමුදා මෙහෙයුමකින් හමාස් සටන්කාමි නායකයෙකු හා ඔහුගේ අනුගාමිකයන් 6 දෙනෙකු මියගියා.

නවසීලන්තය සාර්ථකව රොකට්ටුවක් අභ්‍යවකාශගත කර තිබේ. මෙහෙයුම නම් කර තිබුණේ, ඉට්ස් බිස්නස් ටයිම් ලෙසයි.

යුරෝපා හමුදාවක් ස්ථාපිත කිරීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ යෝජනාව, තමා අනුමත කරන බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත ගණනාවක හට ගෙන ඇති ලැව්ගිනි තත්වය, මේ වන විට විශාල ප්‍රදේශයක් දක්වා පැතිර ගොස් තිබේ.

ඉබෝලා වසංගතයෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයන් 200කට අධික පිරිසක් මියගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජනාකීර්ණ වීදියක දී අද පුද්ගලයෙක් දැඩි ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ.

නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයාට බලය ඇති බව එරට නීතිපතිවරයා පවසයි.

ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆාටා අල්-සිසි ෂාම් අල්-ෂික් නගරයේ පාපැදියෙන් සංචාරය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිර තිබේ.

ඉරාකයේ ප්‍රදේශ කිහිපයකින් සමූහ මිනීවලවල් 200කට වැඩි ප්‍රමාණයක් හමුව ඇතැයි ඒක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

2018 අමෙරිකානු මධ්‍යධුර කාල මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වී තිබේ.

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණය අද පැවැත්වෙනවා. මෙහිදී සෙනෙට් සභාවේ මන්ත්‍රී ධුර 35ක් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සඳහා අමෙරිකානුවන් සිය ඡන්දය භාවිත කරනු ඇති.

දීපවාලී උත්සවය සමග ඉන්දියාවේ අගනුවර වායු දුෂණ මට්ටම ඉහළ ගොස් තිබේ.

ඉතාලියට බලපෑ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 29 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. සිසිලි දූපතේ මියගිය පුද්ගලයින් 12 දෙනාගෙන් 9 දෙනෙකු එකම පවුලේ සාමාජිකයන්.

ප්‍රංශයෙන් වෙන් වී ස්වාධීන රටක් ලෙස ස්ථාවර වීමට නව කැලිඩෝනියාව පැවැත්වූ ජනමත විචාරණය පරාජයට පත්වී තිබේ.

බරේන් විපක්ෂ නායකවරයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමකර තිබේ.

චීන ජනාධිපති ෂී-ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර, දුරකථන සංවාදයක් පිළිබඳ තොරතුරු අද මාධ්‍ය ඔස්සේ හෙළි වුණා.

ඉරානයට එරෙහිව යළි සම්බාධක පැනවීමට අමෙරිකාව සූදානම් වෙයි. මේ මස පස්වැනිදා සිට මෙම නව සම්බාධක ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පේරු රාජ්‍යයේ විපක්ෂ නායික කෙයිකෝ පුජිමෝරිට වසර 3ක සිර දඩුවම් නියමකර තිබේ. ඒ, අල්ලස් චෝදනාවකට වරදකරුවීම හේතුවෙන්.

ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශයක් ලෙස සැලකෙන චූරු නගරය ආසන්නයේ දී ඔටුවන් ප්‍රවාහනය කෙරෙමින් තිබූ ට්‍රක් රථයක් පෙරලී තිබේ.

Latest News