පාසල් ළමුන් 51 දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැහැරගත් එහි රියදුරු ඉතාලියේ මිලාන් නගරයේ දී ඊට ගිනිතබා තිබේ.
නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකක සිදුවූ සමූහ මිනිස් ඝාතනය මුල් කර ගනිමින්, තුර්කිය සහ නවසීලන්තය අතර මතභේදයක් හටගෙන තිබේ.
පිලිපීනයේ වෙරළකට ගොඩගසා තිබූ තල්මස් සිරුරක් තුළ තිබී කිලෝ 40ක පමණ ප්ලාස්ටික් බෑග් තොගයක් හමුවී තිබේ.
නෙදර්ලන්තයේ යූට්රෙච් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගෙස් තිබේ.
නෙදර්ලන්තයේ යුට්රෙක්ට් නගරයේ ට්‍රෑම් රථයක් තුළ පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.
ඉන්දුනීසියාවේ, පැපුවා ප්‍රදේශවලට ඇතිවූ ගංවතුරෙන් 73 දෙනෙක් මියගොස් තිබේ.
අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට බෝයිං සමාගමට අවසර දී තිබේ.
නවසීලන්තයේ ගිනිඅවි පාලන නීති වෙනස් කිරීමට කැබිනට් හමුවක් අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නවසීලන්තයේ පල්ලියකට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා තනිව ක්‍රියාකර ඇති බව, පොලීසිය පවසයි. මේ වනතෙක් ඔහු කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ බවට, කිසිඳු සාක්ෂියක් හමු නොවීම ඊට හේතුවයි.
වර්ල්ඩ් වයිඩ් වෙබ් නිර්මාණය කර වසර 30 ක් සපිරේ. එහි නිර්මාතෘ වන්නේ ටිම් බානර්ස් ලී ය. මේ පිළිබඳ පළමු කතාබහ ඇතිවූයේ 1989 වසරේ මාර්තු මස 12 වැනි දිනයි. අන්තර්ජාලය ඔස්සේ සිදුවන්නේ ගෝලීය වශයෙන් පරිගණක පද්ධති එකිනෙකට සම්බන්ධවීමයි. ඒ තුළ තොරතුරු හුවමාරු කර ගැනීම සිදු වේ. යම් යම් ගැටළු සහඟත තත්වයන් පැවතිය ද ජනතාව අතර මෙම වර්ල්ඩ් වයිඩ් වෙබ් සංකල්පය විශාල ප්‍රසිද්ධියක් උසුළයි.
වායු දුෂණය අවම කිරීම සඳහා දකුණු කොරියානු පාර්ලිමේන්තුව පනත් කිහිපයක් සම්මත කරයි.
UPDATE -නවසීලන්ත වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය ගණන 49ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
පසුගියදා සිදුවූ ගුවන් අනතුරත් සමඟ සියලුම බෝයිං 737 මැකැස් ගුවන් යානා, පියාසර කිරීම නතර කිරීමට බෝයිං සමාගම තීරණය කර තිබේ.
බ්‍රසීලයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 10 දෙනෙක් මියගොස් තිබේ.
යුරෝපය බෝයිං 737 මැකැස් - 8 යානය, වාරණය කිරීමට තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ තෙරේසා මේ ඉදිරිපත්කළ ගිවිසුම දෙවැනි වරටත් ඊයේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 149කි පරාජයට පත්විය. පක්ෂය ලැබුණේ ඡන්ද 242ක් පමණි.
මතභේදයට තුඩු දී ඇති බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා පියාසර කිරීමට සුදුසු තත්වයේ ඇති බව, අමෙරිකානු අධිකාරිය පවසයි.
ඉතියෝපියාවේ ගුවන් යානා අනතුරින් පසු “බොයිං 737 මැක්ස්-8“ වර්ගයට අයත් ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සේවා රැසක් පියවර ගෙන තිබේ.