ෂිනවත්‍රා පරපුරෙන් තායිලන්තය භාර ගනී

අගෝ 18, 2024

‍තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, පේටොංතාන් ෂිනවත් අද සිය ධුරයෙහි දිවුරුම් දුන්නා.

එරට පාර්ලිමේන්තුව නව අගමැති ධුරයට ඇය තෝරාපත් කරගැනීමෙන් දින 2 කට පසුවයි, තායිලන්ත මහා වජිරලොංකෝන් රජු ඇයගේ පත්වීම අනුමත කර තිබෙන්නේ.

එරට පාර්ලිමේන්තුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඇය තෝරාපත් කරගනු ලැබුවේ, ඉකුත් 16 වැනිදායි. “ෆියු තායි” පක්‍ෂයේ පාලක සභාගය ඉදිරිපත් කළ ඇයගේ නාම යොජනාව පාර්ලිමේන්තුව තහවුරු කළා. ඒ අනුව, ඇය එම ධුරයට පත්වුණා.

පාලක සභාගයේ අනෙකුත් පක්‍ෂ 10 න් වෙනත් කිසිවෙකු අගමැති ධුරයට ඉදිරිපත් නොකෙරුණු බවයි වාර්තා වන්නේ. පේටොංතාන් ෂිනවත් මෙතෙක් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් ලාබාලතම තැනැත්තියයි. ෂිනපත් එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්ගේ දියණිය ද වනවා. එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් දෙවැනි කාන්තාව වන්නේ ද ඇයයි. මීට පෙර ඇයගේ නැන්දනිය වූ යිංලක් ෂිනවත් එම ධුරය හෙබවූවා.

සිය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව පේටොං තාන් ෂිනවත් ප්‍රකාශ කර ඇත්තේ. සියලු පාර්ශ්වවල අදහස්වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් වඩාත් ස්ථාවරව සිය රාජය ඉදිරියට පවත්වාගෙන යාමට එකට එක්ව ක්‍රියාකරන බවයි.

Related items

  • අගමැති තායිලන්තයට
  • තායිලන්ත මැතිවරණ ප්‍රතිඵලත් ළඟ ළඟම
  • තායිලන්තයේ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළට
  • වෙඩි තැබීමකින් තායිලන්තයේ 30ක් මරුට
  • සංචාරකයින්ට රට විවෘත කිරීමට තායිලන්තය සූදානම්

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

මාර් 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025