දියවැඩියාවට තිත ?

මැයි 31, 2024
දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මෙම නව ප්‍රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මෙහිදී සිදු වන්නේ, ඉන්සියුලීන් එන්නත් කිරීම වෙනුවට, අගන්‍යාසයේ ඉන්සියුලීන් නිපදවන සෛලවලට සමාන සෛල කෘත්‍රිමව පර්යේෂණාගාර තළ නිපදවා, ඒවා දියවැඩියා රෝගීන්ට ලබා දීමයි.
 
මෙම ක්‍රමය භාවිත කරමින් සායනික පර්යේෂණ කීපයක් සිදු කළ බවත්, මෙම නව ක්‍රමවේදය සාර්ථක වූ බවත්, එම රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය තුරන් වූ බවත් චීන විද්‍යාඥයන් පවසා ඇත.

Related items

  • දියවැඩියා මාරයා රටම ගිලගනියිද ? 
  • ලෝක දියවැඩියා දිනය අදයි
  • දියවැඩියා රෝගීන්ගෙන් 36%ක් අන්ධ භාවයට
  • ලොව පුරා දියවැඩියාවට ඉහළයාමේ ප්‍රවනතාවයක්

Latest News