Subscribe to this RSS feed

20-20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඊයේ ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

ජේ අමිත්භායි ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා.

පැතුම්ට උසස්වීමක්

නොවැ 11, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.

Read more...

සංචාරක බ.ඉ කොදෙව් හා ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය බ්‍රිස්බෙන් හිදී පසුගියදා නිමා වූයේ වසර 27 ක‍ට පසු ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදීම පරාජය කරමින් කොදෙව්වන්ට පෙරලිකාර ජයක් හිමි කර දෙමිනි.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍ර දෙකේ පළ වූ රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා.

අපේ උනන්දුවාගෙන් වාර්තාවක්

නොවැ 11, 2024

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අවසන් තරග 6 ක විනිසුරුවරයෙකු ලෙස ක්‍රියා කළ කුමාර් ධර්මසේන මහතාට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ප්‍රශංසාව පළ වී තිබෙනවා.

Read more...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ජීවන් මෙන්ඩිස්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා - ඉන්දියා T20 තරග විකාශය අයි නාලිකාවෙන්

නොවැ 11, 2024

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය ජාතික රූපවාහිනියට හිමිව තිබේ.

Read more...

පකිස්තාන තරගාවලියට කණ්ඩායම තේරීමට ඇමතිගෙන් යෝජනාවක්

නොවැ 11, 2024

පකිස්තානයේ පැවැත්වීමට නියමිත එක්දින සහ 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී ක්‍රීඩකයින්ගේ අදහස් පිළිබඳව ද අවධානය යොමු කරන බව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read more...

"රට හදන්න පක්ෂ දේශපාලනයෙන් එළියට යමු"

නොවැ 11, 2024

අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බව සෑම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන අද (24) එක් වෙමිනි. එම වැඩසටහන පෑලියගොඩ මීගහවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී පැවැත්විණ. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ දේශපාලනයට බර වීමෙන් රට විනාශ කරා ඇදී යන බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මේ ආණ්ඩුව ගෙනියන්නේ ප්‍රධාන පක්ෂ දෙකක්. එවැනි අවස්ථාවක පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් තියෙන වගකීම වන්නේ මේ ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යාම. විශේෂයෙන්ම පසුගිය මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකටම බහුතර බලයක් ලබා දුන්නේ නැහැ. පක්ෂ දෙකම එකතුවී ආණ්ඩු කිරීමට තමයි මහජනතාව බලය ලබා දුන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ පක්ෂ දෙක එකතු කර ගෙන ඉදිරියට යාමේ වගකීම පැවරිලා තියෙන්නේ. එම වගකීම කවුරු හරි කඩ කරනවා නම් එය රටට කරන ලොකු විපත්තියක්. අද ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටයි විශාල වගකීමක් තියෙනවා. එතුමන්ලා මහජනතාවට දුන්න පොරොන්දු ඉටු කළ යුතුයි. තව අවුරුදු එකහමාරක් එතුමන්ලා දෙන්නා එකට එකතු වී වැඩ කළහොත් මේ රට තවත් දියුණු කරන්න පුළුවන්. නමුත් මේ සබඳතාව බිඳින්න අද එක එක දේශපාලනඥයෝ කටයුතු කරනවා. මේ දේශපාලනඥයෝ හැම තිස්සේම උත්සාහ කරන්නේ බලයට ඒමට.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නැහැ. ඒ වගේම එදා ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂයත් අද නැහැ. කාලෙන් කාලෙට පක්ෂවල වෙනස්කම් ඇති වෙනවා. ඒක අපි හැම දෙනාම පිළිගන්න ඕන. නමුත් මුල් දර්ශනය සමඟ සෑම පක්ෂයක්ම ඉදිරියට යාම තමයි වැදගත් වෙන්නේ. මේ දේශපාලන පරිණත නායකයින්ගේ දැක්ම එක්ක නවීකරණය වුණු පක්ෂ බවට පත් වෙන්න ඕනේ. ඒක හින්දා තමයි මම මේ පක්ෂවලින් අයින් වෙලා මේ රට වෙනුවෙන් මේ පක්ෂ දෙකම එකට තියාගන්න හදන්නේ. මොකද හැමදාම පක්ෂ දේශපාලනය නිස තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ. අද බලයක් නැති මිනිස්සු වගයක් එකුතුවෙලා, ජාතික ලැයිස්තුවෙන් ඇවිත්, ඇතැම් විට සල්ලි විසි කරලා අද මේ පක්ෂ විනාශ කරන්න හදනවා. රටත් විනාශ කරන්න හදනවා. රට ගැන නොසිතා පක්ෂ දේශපාලනය කරන්න උත්සාහ කරනවා. ඇත්තටම හැම පක්ෂයකම අර්බුද තියෙනවා. හැමෝම බලන්නේ බලයට එන්න. රටේ මේ පක්ෂ දේශපාලනය නැතිවුණු දවසකට හරි පුද්ගලයෝ රටේ පාලනය ගත් දවසක රට හැදෙයි යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

 

 

Read more...

Latest News