පුත්තලම, සේනකුරිප්පුම ග්‍රාම සේවා වසමේ ජුසේවාස් මාවත සහ කෝවිල් පාර ප්‍රදේශයේ නිවාස 40ක් පමණ පිහිටා ඇති අතර, මාස 4ක 5ක පමණ කාලයක සිට මෙම ප්‍රදේශය ජලයෙන් යටව තිබේ.

බොලීවියාවට බලපා ඇති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශාල  පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව එරට සිවිල් ආරක්‍ෂක බලධාරීන් පවසයි.

අනුරාධපුර ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් නගරය අවට හා මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ටී.ජේ.මීගස්තැන්න පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතිවී ඇති ගංවතුර නිසා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13ක පවුල් 3213 ක 32138 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

Latest News