මේ මාසයේ ගෙවීගිය දින විසිහතරක (24) කාලය තුළ ඩෙංගු රෝගීන් දස දහස් විසිපහක් (10025) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන්ගේ අඩු වීමක් ඇතැයි ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පවතින කාලගුණ තත්වය සමග දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු වසංගත තත්වයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්‍ෂෙෂේත්‍ර වැඩසටහනක් අද 14 හා හෙට 15 යන දිනයන් හිදි පැවැත්වීමට කටයුතු සලසා තිබේ.

Latest News