ඉකුත් මැයි 9 වැනිදා දිවයින පුරා සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට ඊයේ දිනයේත් 128 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් හා හමුදා නිලධාරීන්ට පහරදිය යුතු බවට හා ඔවුන් ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුදාහරින ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් නාගොඩ, තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි අයෙක්.
බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් ඇතුලු සැකකරුවන් 1084 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අසංක මදුරංග නොහොත් පරිප්පුවා නමැත්තාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස ඊයේ (16) පොලීසිය සමත් වෙයි.
දේවාලයලට ඇතුළු වී එහි කපු මහතා, බිරිඳ සහ දරුවන් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු මෝටර් රථ දෙකක්ද සමඟ අත්අඩංගුවට පත්ව ඇත.
සින්නක්කුලම් ප්‍රදේශයේදී ඊයේ (25) මෙරට නිෂ්පාදිත ගිණි අවි 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ රථ වාහන 55ක් ද පොලීසිය භාරයට ගත් බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.