ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඉහලට

මැයි 20, 2023

ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය, අවධානය යොමු කළ යුතු තත්වයක් බවයි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.  පවතින උණුසුම මිනිස් සිරුරට දැනෙන මට්ටමක පවතිනවා. උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මෙම උණුසුම් තත්වය වැඩි වශයෙන් අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව, වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්වයක් ඇතිවිය හැකියි. තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය හා ලවණ ඉවත් වීමෙන් ඇතිවන මස්පිඩු පෙරළීම් ද ඇතිවිය හැකියි. පවතින තත්වය හමුවේ වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Related items

  • බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය දශකයක් තුළ අවමයට

Latest News

ඉන්ධන කෝටාව ඉහළට, ලීටර් 125ක් !

මැයි 28, 2023

කවුද දිනන්නේ ?

මැයි 28, 2023

ඉදිරියේ දී ඩිජිටල් උප්පැන්න සහතික

මැයි 27, 2023

මිහිපිට ජීවය අවසන් කළ හැකි සුනාමියක්

මැයි 27, 2023