අවුරුද්දේ ඉන්ධන වාසියක්

අප්‍රේ 13, 2023

ඉන්ධන අලෙවියේ සැලකිය යුතු වර්ධනයක් පවතිනවා. ට්විටර් පණිවු‍ඩයක් මගින් අමත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඉකුත් දින 7 දී මෙම වර්ධනය අත්කර ගෙන ඇති බවයි‍.

ඉකුත් සතියේ ඉන්ධන බලපත්‍ර ක්‍රමයට සිදු වූ අලෙවිය 80% දක්වා ඉහළ ‍ගොස් තිබෙනවා. ඊට පෙර සතියේ එම අගය 60% ක මට්ටමකයි පැවතුණේ.

මීට අමතරව මාර්ගෝපදේශ අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් 66 ක බලපත්‍ර තාවකාලිව අත්හිටුවා තිබෙනවා.

කෙසේ නමුත්, උත්සව සමයේ ඉන්ධන බෙදා හැරීම වැඩි කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.
දෛනිකව බෙදා හරින ඔක්ටේන් 92 වර්ග‍යේ පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,650 දක්වාත්, ඔටෝ ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ‍ටොන් 5,500 දක්වාත් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අමත්‍යවරයාග් ට්විටර් පණිවුඩයේ සඳහන්.

අලුත් අවුරුදු නැකැත් පත්‍රය හරියටම බැලුවද ? උතුරට නව පොල් ත්‍රිකෝණයක්

Latest News