පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර

ජූනි 10, 2022

මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (09) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

දුම්රිය හා බස් රථ සඳහා අඛණ්ඩව තෙල් සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධන හල් මගින් රාත්‍රී කාලයේ පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීමට පියවර ගැනීමට ද තීරණය විය.

Park & Drive ක්‍රමය ව්‍යාප්ත කිරීමටත් ඒ සඳහා රථවාහන ගාල් කිරීමේ දී අයකරන ගාස්තු අඩු කිරීමටත් තීරණය කරනු ලැබීය. තෝරාගත් දුම්රිය ස්ථාන ආසන්නයේ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා පැවසීය.

ලංගම සහ පෞද්ගලික බස්රථ සඳහා දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කෙටි ධාවනය සඳහා යොදාගැනීමටත් යෝජනා කෙරිණ. කාර්යාල සේවය ඉලක්ක කරගනිමින් නව දුම්රිය ගමන් වාර ඇරඹීමට සහ දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමටත් පියවර ගැනේ.

ලංගම සේවක වැටුප් ගැටලුව විසඳීමට එකඟතාව පළ වූ අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කිරීමට ද තීරණය කෙරිණ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ආහාර භෝග වගා සඳහා වසරක කාලයකට බදු දීමට සැලසුම් කර තිබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගොවි සමිති සඳහා ඉතා සුළු බදු මුදලක් යටතේ අදාළ ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි යන මහත්වරු, රේඛීය ආයතන ප්‍රධානිහු, පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මුව ආවරණ පැළැඳීම අද(10) සිට අනිවාර්යය නොවේ - සෞඛ්‍ය අමාත්‍යංශය විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයක් ගැන නීතිපති උපදෙස් ලබා ගැනේ

Latest News

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025