අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ජූනි 27, 2020

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ‍(27) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනූව අද රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 11 සහ 12 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් ක‍ළේය.

අනිවාර්යෙන් මුව ආවරණ පැළදිය යුතුයි – නි.පොලිස්පති අජිත් රෝහණ නිරෝධායන අවසන් ගුවන් හමුදාවේ 223ක් පිටව යයි

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

මාර් 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025